Home උණුසුම් පුවත් මන්නාරමෙන් බෝට්ටුවක නැගී කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනල

මන්නාරමෙන් බෝට්ටුවක නැගී කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනල

0
මන්නාරමෙන් බෝට්ටුවක නැගී කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනල

මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන පාතාල කල්ලි නායක නජීම් මෙහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් තලෙයිමන්නාරමෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පළාගොස් ඇත.

ඒ පසුගිය 25 වෙනිදා රාත්‍රී කාලයේය.

මුහුදු මාර්ග ඔස්සේ ඔහු පසුගිය 25 වෙනිදා ඉන්දියාවේ රාමේෂ්වරන් හී රාමනාතපුරම් වෙත කංජිපානි පැමිණ ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යද අද තොරතුරු වාර්තාකර තිබුණි.

කංජිපානි ඉම්රාන් 2019 වසරේ සිට පසුගිය 20 වෙනිදා වන තුරුම සිටියේ බන්ධනාගාරයේය. මාකදුරේ මධුෂ්ගේ දියණියගේ සාදයේ සිටියදී ඩුබායි පොලීසියට හසුවූ කංජිපානි ඉම්රාන් මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

මිනිස් ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට චෝදනා ලැබ සිටි කංජිපානි ඉම්රාන් එදා සිට මෙතෙක් කාලයක්ම බන්ධනාගාරගතව සිටියේය.

පසුගිය 20 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබුණු කංජිපානි ඉම්රාන් අධිකරණ භූමියෙන් පිටව ගියේද අධිකරණ පරීශ්‍රයේ ඇති වැසිකිලියකට ගොස් වෙස් වලාගැනීමකින් පසුවය.

එසේ ඇප ලැබුණු කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පළායනු ඇති බවට බුද්ධි අංශ විසින් අණතුරුද අගවා තිබුණි. ඒ ආකාරයටම ඔහු රටින් පළාගොස් ඇත්තේ මාළිගාවත්තේ යම් ආරක්ෂිත ස්ථානයක රැදී සිට අනතුරුව මුස්ලිම් කාන්තා වෙස් ගෙන මන්නාරමට ගොසිනි.

මෙසේ සැඟවෙමින් සිට ඉන්දියාවට පළාගොස් ඇත්තේ දෙමටගොඩ රුවන් සමඟ බන්ධනාගාරයේදී ඇතිකරගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙසිනි. රුවන්ද බන්ධනාගාරයෙන් එළියට ආ හැටියම රටින් පළායන්නේ කංජිපානි විසින් ඔහුව සිය ගෝලයින් විසින් මරා දමාවියැයි බියටය. එම බිය කංජිපානිටද තිබුණු බැවින් ඔහුද රටින් පළාගොස් ඇත්තේ මරණ බියෙනි.

ඉන්දියාවට මේ වන විට පළාගොස් සිටින
කංජිපානි ඉම්රාන් ඇතුළු ඔහුගේ සගයින් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නැයි දකුණු ඉන්දියානු ප්‍රාන්ත පොලිසිය වෙත ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බවද ඉන්දීය මාධ්‍ය තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here