තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දය ගැන ගත් තීන්දුව

    පුංචි ඡන්දය ගැන ගත් තීන්දුව

    පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම ජනවාරි මස 5 වැනි දිනට පෙර නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(23) තීරණය කර තිබේ.

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ දී ඊයේ පෙරවරුවේ පැවැති අතර එහිදී මෙම තීන්දුව ගෙන තිබිණ.

    පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය සහ නාම යෝජනා භාර ගන්නා කාලය පිලිබද දැන්වීම දෙසැම්බර් මස අවසන් සතියේ නිකුත් කරන බවට මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණ.

    එහෙත් අද පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ එම දැන්වීම ජනවාරි මස 5 වැනි දිනට නිකුත් කිරීමට ය.

    මේ අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන් අද පෙරවරුවේ කොළඹට කැඳවා තිබූ අතර එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි .

    පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස මැද දිනක දී පැවැත්වෙනු ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img