Home උණුසුම් පුවත් 20 කොමිසමට 21 බලතල

20 කොමිසමට 21 බලතල

0
20 කොමිසමට 21 බලතල

පොලිසියේ සියළුම කාර්යයන් පවත්වාගෙන යාමේ බලය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව නව කොමිෂන් සභාව පත්කරන තුරු වත්මන් ජාතික පොලිස් කොමිෂන් සභාවට පවරා තිබේ.

පොලිස්පතිවරයා පත්කිරීම සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වූ කරුණු හැරුණුකොට පොලිස් නිලධාරීන් පත්කිරීම් ස්ථානමාරු කිරීම් සහ පොලීසියේ විනය පවත්වාගෙන යාමට අදාල කරුණු ආදිය ඊට ඇතුළත් ය.

නීතිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව ජාතික පොලිස් කොමෂන් සභාවේ ලේකම් තමරා ඩී. පෙරේරා මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පවා දැනුවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික පොලිස් කොමිෂමට පවරා තිබුණු නීතියේ ආධිපත්‍යයට සහ මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් මහජන වගවීම් අරමුණු කරගෙන “පොලිස් නිලධරයකුට ‌ හෝ පොලිස් බළකායට එරෙහිව ජනතා සමාජිකයන්ගෙන් හෝ අතෘප්තියට පත් යම් තැනැත්කුගෙන් හෝ ලැබෙන පැමිණිලි භාරගැනීම සහ ඒ පිළිබඳ විමර්ශනය කර පාර්ලිමේන්තුව මගින් පනවන ලද යම් නීතියක විධිවිධානවලට අනුකූලව සහන සැලසීම මගින් විනයගරුක විශ්වාසනීය සහ මහජන අභිලාෂයන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පොලිසිය පරිවර්තනය කිරීම“ යන වගකීමට අමතරව විශාල වගකීම් සම්භාරයක් ජාතික පොලිස් කොමිෂන් සභාවට 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවරී ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පොලීසියේ ස්ථානමාරුවීම්, පත්කිරීම් සහ විනය පවත්වාගෙන යාමට අදාල කරුණු බොහොමයක් පැවතියේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේය. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්පොලීසියට අදාල විෂයන් සිදුකළ නොහැකි බව සදහන් කිරීමත් සමඟ පැන නැගුණු කරුණු මත ඒ සම්බන්ධයෙන් ලබාගත් නීතිපති උපදෙස් මත 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව පත්කරන තුරු වත්මන් කොමිෂන් සභාව විසින් 21 වන සංශෝධනයෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව පොලීසිය සම්බන්ධයෙන් වූ කටයුතු සිදුකරනු ලබනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here