මුල් පිටුව උණුසුම් පුවත් සරසවියක් හදිසියේ වැසේ

සරසවියක් හදිසියේ වැසේ

0

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දෙසැම්බර් 19 වනදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

එහි නේවාසිකාගාර තුළ රැඳීසිටින උපාධි අපේක්ෂකයින්ට අද (16) සවස 4ට පෙර ඉන් ඉවත් වන්නැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දන්වා ඇත.

එම විශ්වවිද්‍යාලයේ නවක භික්ෂූන්වහන්සේ නමක් අමානුෂික ලෙස නවකවදයට ලක්කිරීමක් සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට මරණීය තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් එහි මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමිව හෝමාගම පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණි.

එමෙන්ම ශිෂ්‍ය සංගමයේ සභාපති මිදෙල්ලෑවේ සිරිරතන හිමියන්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටියි.

සබැඳි පුවත්
නවකවදයක් -තර්ජනයක් ගැන හිමිනමක් රිමාන්ඩ් – තවත් හිමිනමක් සොයයි

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version