Home උණුසුම් පුවත් චීන-ඇමරිකා ලොක්කන්ගේ හමුව ගැන තොරතුරු එළියට

චීන-ඇමරිකා ලොක්කන්ගේ හමුව ගැන තොරතුරු එළියට

චීන-ඇමරිකා ලොක්කන්ගේ හමුව ගැන තොරතුරු එළියට

 
චීන විදේශ උපඇමති ශේ ෆෙං මහතා, ආසියා ශාන්තිකර කටයුතු පිළිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් ඩැනියෙල් ක්‍රිටෙන්බ්‍රින්ක් මහතා සහ චීන කටයුතු පිළිබඳ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කමිටුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා ලෝරා රොසෙන්බර්ගර් මහත්මිය සමග සාකච්ඡා පවත්වයි. පසුගිය 11, 12 දෙදින චීනයේ ලාං‍‍ෆාං නගරයේ දී එම සාකච්ඡා පැවැත්විණ.

බාලි දූපතේ පැවති හමුවේ දී දෙරට නායකයන් එළඹුණු එකඟතා ක්‍රියාත්මක කිරීම, ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ මූලධර්ම පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙනයාම මෙන්ම, තායිවාන ප්‍රශ්නය ඇතුළු සංවේදී ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එහිදී ගැඹුරින් ලෙස සාකච්ඡා කළ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ(13) පැවසීය.

අන්‍යෝන්‍ය ගරුත්වය, සහජීවනය හා පොදු ජයග්‍රහණය යන මූලධර්ම මත පිහිටා ඇමරිකාව සමග සම්බන්ධතාව වර්ධනය කිරීම පිළිබඳ චීනයේ සංකල්පය වෙනස් නොවන බවත්,  තම රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතීන් සුරැකීම පිළිබඳ අධිෂ්ඨානය ද නොසැලෙන බවත් චීන පාර්ශ්වය එම සාකච්ඡාවේ  දී අවධාරණය කළේය.‍

ඇමරිකාව තමාට ආවේණික වටිනා ආකල්පයන් දරන්නා සේම, චීනය ද තමාට ආවේණික වටිනා ආකල්පයන් දරා සිටී. එකිනෙකාට ගරු කරමින්, තමන්ට අනන්‍ය ආකල්ප අනෙකා මත නොපැටවිය යුතු අතර, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට ද මැදිහත් නොවිය යුතු බව ද චීනය එහිදී පවසා ඇත.

මෙවර පැවැත්වුණේ  ගැඹුරු මෙන්ම  වර්ධනීය සාකච්ඡාවක් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක    පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here