Home දේශීය පුවත් ගෝල් ග්ලැඩියේටර්ස් පරදා සොෆ්ට්ලොජික් කළම්බෝ ස්ටාර්ස් ජයගනී

ගෝල් ග්ලැඩියේටර්ස් පරදා සොෆ්ට්ලොජික් කළම්බෝ ස්ටාර්ස් ජයගනී

0
ගෝල් ග්ලැඩියේටර්ස් පරදා සොෆ්ට්ලොජික් කළම්බෝ ස්ටාර්ස් ජයගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (13) දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ගෝල් ග්ලැඩියේටර්ස් පිළි සමඟ පැවැති තරගයෙන් කඩුලු දෙකක විශිෂ්ට ජයක් ලැබීමට සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාරස් පිළ සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබාගත්තේය. ගෝල් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු හතළිස් නවයක දී අගනා ලකුණු 72ක් ලබා ගත්තේය. කුසල්ට අමතරව ශාපික්,තනුක සහ උදාර ග්ලැඩියේටර්ස් පිළ ශක්තිමත් කරමින් පිළිවෙලින් ලකුණු 58ක්, 33ක් සහ 24ක් ලබා ගත්හ.

ලකුණු 194ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාරස් කණ්ඩායම කඩුලු 8ක් දැවී අවසන් පන්දුවේ දී සිය ජයග්‍රහණය වාර්තා කළේය. සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාරස් පිල වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු තිස් තුනක දී ලකුණු 63ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහයක් දුන් චරිත් අසලංක පන්දු තිස් අටක දී ලකුණු 46ක් ලබා ගත්තේය. ජයග්‍රහණය තහවුරු කිරීමේ ඉනිමක් ක්‍රියාත්මක කළ බෝප්රා පන්දු දොළහකදී නොදැවී ලකුණු 31ක් ලබාගත්තේය. බෙනී හොවෙල් පන්දු නවයක දී ලකුණු 22යි.

තරගයේ වීරයා සම්මානය රවී බෝප්රා විසින් දිනාගත්තේය.

ගෝල් ග්ලැඩියේටර්ස් 193/5 (20)

සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාරස් 197/8 (20)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here