තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රසංග වේදිකාවේ පෙරළිකාරයා දිවියට සමුදෙයි

    ප්‍රසංග වේදිකාවේ පෙරළිකාරයා දිවියට සමුදෙයි

    ප්‍රවීන ගායන ශිල්පී, ගීත රචක, තනු නිර්මාපකයෙකු වූ නිහාල් නෙල්සන් මහතා අද (13) අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඒ මහතාගේ වසය අවුරුදු 76 ක් වූ අතර ඔහුගේ සංගීත දිවියට වසර 59ක් සපිරේ. අවසන් මොහොත දක්වාම ප්‍රසංග වේදිකාවේ ගැයූ ජනප්‍රියත්වය කවදත් අඩු ‍නොවූ ගායන ශිල්පියෙක් වීමේ දුලභ භාග්‍යය ඔහු සතු විය.

    මෙරට ප්‍රසංග වේදිකාවේ පෙරළිකාරයා වූ ඔහු ශ්‍රී ලාංකික කලාකරුවෙකු විසින් පටිගත කරන ලද වැඩිම ඇල්බම වාර්තාවට හිමිකම් කියන්නේ ගීත ඇල්බම 113 ක් නිකුත් කරමිනි.

    සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි, අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල් , කිරි දුන්නේ දරුවන්ටයි, කාවඩි බයිලා, ගුණේ අයියගෙ කාමරේ ඔහුගේ ජනප්‍රිය ගීත විශාල සංඛ්‍යාවකින් කිහිපයක් පමණි. බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කළ ඔහු පෙම් කුරුල්ලෝ,සක්විති සුවය , ලෝක හොරු , රොදය , හරි යනකොට ඔහොම තමා, සඳුන් , අවුරුදු තාත්තා, වරුසා, මල් , වාලම්පුරි දියමන්ති එවැනි නිර්මාණ කිහිපයකි.

    මොරටුවේ උපත ලද නිහාල් නෙල්සන් මහතා රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය ලෙස හැඳින්වෙන ඉනොසන්ට් මරියා මිශ්‍ර පාසලෙන් සහ මොරටු මහා විද්‍යාලයෙනි. නිහාල් නෙල්සන් මහතා මාලිනී ශ්‍රියාලතා මෙනවිය සමඟ 1974 දී යුගදිවියට පිවිසි අතර එම දෙපළ, කාංචන තරංග නමැති වර්තමානයේ ගුවන් විදුලි ශබ්ද පරිපාලකවරයකු ලෙස සේවය කරන පුතණුවන්ගේ ආදරණීය මවුපියන් විය. බිරිඳ මාලිනී 2020 ජූලි මාසයේදී මියගොස් තිබුණි.

    2015 දී නෙල්සන්ට ‘මොරටුපුර රත්නවිභූෂණ’ සම්මානය පිරිනමන ල ද අතර 2021 ජනවාරි මාසයේදී ඔහුගේ නමින් ඔහුගේ උපන් ගම වන මොරටුව රාවතාවත්තේ තුන්වන පටුමග නම් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img