තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝල් -මැසේජ් -ඊමේල් - සෝෂල් මීඩියා ඔස්සේ එන මේ වංචාවට ඔබත් අහුවුණාද?

    කෝල් -මැසේජ් -ඊමේල් – සෝෂල් මීඩියා ඔස්සේ එන මේ වංචාවට ඔබත් අහුවුණාද?

    වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව ජනතාව වෙත දැනුම්දීමක් කර තිබේ.

    විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ් හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබාදී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇති බව මහ බැංකුව කියයි.

    එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ ඇමතුම් හෝ පණිවුඩ සඳහා නොදන්නා අයගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කර සිටී.

    තවද, මෙවැනි ක්‍රියාවල නිරතවන වංචාකරුවන් විසින් අදාළ ගනුදෙනු සිදු කිරීම සඳහා පහත තොරතුරු ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය.

    • පුද්ගලික හැඳුනුම් අංක (PIN)
    • කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදාගන්නා ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක (CVV)
    • ගනුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP)
    • ජංගම බැංකුකරණයේ දී /අන්තර්ජාල බැංකුකරණයේ දී යොදා ගන්නා පරිශීලක නාම (User ID), මුරපද (Password) හා එක් වරක් පමණක් භාවිත වන මුරපද (OTP).

    එබැවින්, මෙවැනි රහස්‍ය තොරතුරු, කිසිඳු තෙවන පාර්ශ්වයක් සමඟ හුවමාරු නොකරන ලෙස මහබැංකුව ජනතාවට අවධාරණය කරයි.

    එවැනි වංචා පිළිබඳ සුපරික්ෂාකාරී වන ලෙසටත්, මූල්‍ය බුද්ධි ඒකකය තවදුරටත් මහජනතාවට අවධාරණය කර සිටී.

    එසේම, එවැනි විස්තර සැපයීමෙන් ඔබ / ඔබගේ පවුලේ සාමාජිකයෙකු / ඔබගේ සමීපතමයෙකු නිසැකයෙන් ම මූල්‍ය වංචාවක වින්දිතයෙකු බවට පත්වනු ඇති බව මහබැංකු අනතුරු අඟවා සිටී.

    මේ ආකාරයේ දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ඔබට ලැබෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් 011-2477125 හෝ 011-2477509 හරහා මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img