Home දේශීය පුවත් උණුසුම් පුවත් ඉදිරි සති දෙකේදී කොවිඩ් රෝගීන්ට තවත් ඇඳන් 10,000ක්

ඉදිරි සති දෙකේදී කොවිඩ් රෝගීන්ට තවත් ඇඳන් 10,000ක්

ඉදිරි සති දෙකේදී කොවිඩ් රෝගීන්ට තවත් ඇඳන් 10,000ක්

Covid -19 ආසාදිත රෝගීන් වෙනුවෙන් ඉදිරි සති 2 තුළ ඇඳන් 10,000ක් වෙන්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මෙම වසර අවසානයට පෙර මෙරට ජනගහනයෙන් 63% කට වැඩි පිරිසකට කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සම්පූර්ණ කිරීමට හැකියාව පවතින බව ද අමාත්‍යවරිය අවධාරණය කළාය.

අද (04) පාර්ලිමේන්තුවේ දී පැවති කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳ විශේෂ කල්තැබීමේ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

“අද දිනයේ සිට අපි පටන් ගන්නා ස්පුට්නික් එන්නත මගින්, මෙම සතිය තුළ ආරම්භ කරන එන්නත් ක්‍රියාවලිය බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට අපට හැකියාව ලැබෙනවා. දැනට කොවිඩ් රෝගීන් සඳහා දල වශයෙන් ඇඳන් 13,800ක් රෝහල් තුළ අපි වෙන්කර තිබෙනවා. ඉදිරි සති 2 තුළ තවත් ඇඳන් 10,000ක් අපි වෙන් කරනවා. දැනට අපේ රටේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ටොන් 25යි. එහෙත් ඔක්සිජන් ටොන් 80කට ධාරිතාව වැඩි කිරීමේ හැකියාව අප සතුයි.”

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,”ඉන්දියාවේ වසංගතයත් සමග අවශ්‍ය එන්නත් ටික දෙන්න බැරි වෙනවා. ඒ නිසා අපිට ලක්ෂ 6ක එන්නත්වල ගැටලුවක් තියෙනවා. අපි ඒක හංගන්න දෙයක් නෑ. ඒක රජයේ වරදක් නෙමෙයි.” යනුවෙන් සඳහන් කළාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here