Home උණුසුම් පුවත් තිලංගට එරෙහිව අමරවීර ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි

තිලංගට එරෙහිව අමරවීර ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි

තිලංගට එරෙහිව අමරවීර ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ පත්කිරීම නීතිවිරෝධී බවත් එය අත්හිටුවන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි වාරණ නියෝගය කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 497/2022 යටතේ මහින්ද අමරවීර මහතා මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිවයි.

පැමිණිලිකාර මහින්ද අමරවීර මහතා වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here