Home උණුසුම් පුවත් හික්කඩුවේ හෝටලයකදී රුසියානු තරුණියන් දෙදනෙක් කෙහෙවළු පටලවා ගනී

හික්කඩුවේ හෝටලයකදී රුසියානු තරුණියන් දෙදනෙක් කෙහෙවළු පටලවා ගනී

0
හික්කඩුවේ හෝටලයකදී රුසියානු තරුණියන් දෙදනෙක් කෙහෙවළු පටලවා ගනී

හික්කඩුව වෑවල පිහිටි හෝටලයකදී රුසියානු ජාතික තරුණියන් දෙදෙනෙක් ඊයේ ගැටුමක් ඇතිකරගෙන තිබේ.

එහිදී එක් රුසියානු තරුණියක් විසින් එල්ලකළ ප්‍රහාරයකින් තුවාල ලැබූ අනෙත් රුසියානු තරුණිය ආරච්චිකන්ද රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් JULIIA NEPRIKOVA නැමැති එම 26 වියැති රුසියානු තරුණිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයට මෙරට පෙම්වතෙක් සිටින බවත් පහරදීම සිදුවන විට ඇය සිට ඇත්තේ එම පෙම්වතා සමඟ බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත. මාස 03ක් තිස්සේ

ඇය මෙරට රැදී සිටින බවත් ඇය විසින් පහරදුන් තරුණිය වසර 08ක් තිස්සේ මෙරට රැදී සිටින බවත් හික්කඩුව පොලීසිය සඳහන් කළේය.

මෙම රුසියානු කාන්තාවන් දෙදෙනා කලකට පෙර මිතුරියන් බවත් දැන් ඔවුන් පස මිතුරන් වීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී තිබෙන බවත් විමර්ශන වලින්

පොලීසියට පෙනී ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් රුසියානු ජාතික තරුණිය පොලිස් ඇප මත පසුව මුදාහැර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here