තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනුන්ගේ ඉඩම්වලට හොරඔප්පු හැදූ නීතීඥයා දෙවැනි වරටත් අත්අඩංගුවට

    අනුන්ගේ ඉඩම්වලට හොරඔප්පු හැදූ නීතීඥයා දෙවැනි වරටත් අත්අඩංගුවට

    මිය ගිය පුද්ගලයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා යාපනයේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කිරීමක් සම්බන්ධයෙන් යාපනයේ පදිංචි ප්‍රසිද්ධ

    නොතාරිස්වරයෙකු වන නීතීඥවරයෙකුව යාපනය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    යාපනය කොණ්ඩාවිල් බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන වේලුපිල්ලේ විජේරත්නම් නැමැති 73 වියැති නීතීඥවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය නොවැම්බර් 10 වෙනිදාද මෙම නීතීඥවරයාව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
    ඒ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ අත්සන යොදා යාපනයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කිරීමක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් යාපනය අධිකරණයට

    ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකර සිටි මෙම නීතීඥවරයා ඇප මත නිදහස් වීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවැනි වරටය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img