Home උණුසුම් පුවත් රට රැකියාවට ගොස් ආ බිරිඳ මරා සැමියා ගෙල කපාගනී

රට රැකියාවට ගොස් ආ බිරිඳ මරා සැමියා ගෙල කපාගනී

0
රට රැකියාවට ගොස් ආ බිරිඳ මරා සැමියා ගෙල කපාගනී

මැදපෙරදිග රටක රැකියාවකට ගොස් පැමිණි සිය බිරිඳවා කපාකොටා ඝාතනය කළ සැමියෙක් වස පානය කර ගෙල කපාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇත්තේ ඊයේ සවස ගොකරැල්ල පොලිස් වසමේ වෑගම ප්‍රදේශයේදීය.

ඝාතනය වී ඇත්තේ නිලූකා විජේසුන්දර නැමැති 49 හැවරදි කාන්තාවකි. සියදිවි හානිකරගෙන ඇත්තේ සුනිල් ශාන්ත නැමැති ඇගේ 46 වියැති සැමියාය. ඔහු මැදිරිගිරිය දිවුලන්කඩවල පදිංචිකරුවෙකි.

මොවුන් දෙදෙනා වසර 17ක් තිස්සේම වෙන්ව ජීවත්වන බව පොලීසිය කියයි. ඝාතනයට ලක්වූ බිරිඳ පසුගිය 04 වෙනිදා ලංකාවට පැමිණ ඇති බවත් ඒ බව දැනගත් සැමියා මැදිරිගිරියේ සිට පැමිණ මෙම අපරාධයකර ඇති බවත් පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here