Home උණුසුම් පුවත් මාලිමාවේ රැස්වීමට මැර ප්‍රහාරයක් – මන්ත්‍රීවරයෙක් එක්ක 2ක් රෝහලේ

මාලිමාවේ රැස්වීමට මැර ප්‍රහාරයක් – මන්ත්‍රීවරයෙක් එක්ක 2ක් රෝහලේ

1
මාලිමාවේ රැස්වීමට මැර ප්‍රහාරයක් – මන්ත්‍රීවරයෙක් එක්ක 2ක් රෝහලේ

ජාතික ජනබලවේගය පක්ෂයේ වීරඹුගෙදර පනාගමුව ග්‍රාමයේ පැවති ගම්මට්ටමේ රැස්වීම් භූමියකට ඊයේ සවස කඩා වැදුණු බීමත් මැර කණ්ඩායමක් රැස්වීමට සහභාගිවී සිටි පිරිසකට අමානුෂික ලෙස පහරී දේපොල වලට හානිකර පළාගොස් ඇත.

පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී සෝමරත්න එදිරිසිංහ මහතා ඇතුළු දෙදෙනක් මෙහිදී කුරුණෑගල රෝහලට ඇතුලත්කර තිබේ. තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇතත් ඒ අය රෝහල්ගතව නැත.

බීමතින් සිටි හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම පහරදීම කර තිබේ.

පහරදුන් පුද්ගලයෙක්ද තුවාල ලබා රෝහල්ගතව ඇති බව පොලීසිය කියයි.

මෙම පහරදීමෙන් මෝටර් රථයකටත්, ශබ්ද වාහිනී යන්ත්‍රී දෙකකට ඇතුළු දේපොල රැසකට හානි වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here