තවත්
    මුල් පිටුවදේශීය පුවත්කාසියේ වාසිය සොෆ්ලොජික් කොලොම්බො ස්ටාර්ස්ට

    කාසියේ වාසිය සොෆ්ලොජික් කොලොම්බො ස්ටාර්ස්ට

    ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ ආරම්භක දිනයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සොෆ්ලෝජික් කොලොම්බො ස්ටාර්ස් පිළ අද (06) මීට සුළු වේලාවකට පෙර සමත්විය.

    ඒ අනුව කැන්ඩි ෆැල්කන් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමට ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුතු සොෆ්ලොජික් කොලොම්බො ස්ටාර්ස් පිළි තීරණය කළේය. මෙම තරගයේ කැන්ඩි ෆැල්කන් කණ්ඩායමට නායකත්වය ලබා දනේනේ වනිදු හසරංගයි.

    හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කරනු ලැබුවේ පිතිකරුවන්ට මන්දගාමී තනතීරුවක් අද දිනයේ සූරියවැව ක්‍රීඩාංගණයේ දැකිය හැකි බවයි. ඒ නිසා ලකුණු 145ක ඉලක්කයක් වුවද ඉතා හොඳ ලකුණු තත්ත්වයක් වනු ඇතැයි ඔහු අනුමාන කළේය.

    සොෆ්ලොජික් කොලොම්බො ස්ටාර්ස් පිළි ඇන්ජලෝ මැතිවුස් (නායක) නිරෝෂන් දික්වැල්ල, චරිත් අසලංක, රවි බෝප්රා, මුදිත ලක්ෂාන්, දිනේෂ් චන්දිමාල්, බෙන්රි හොවෙල්, කිමෝ පෝල්, සීකුගේ ප්‍රසන්න, ඩොමිනික් ඩාර්ක්ස් සහ සුරංග ලක්මාල්ගෙන් සමන්විතය.

    කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වනිදු හසරංග (නායක) ඇන්ඩි ෆ්ලෙචර්, අශේන් බණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න,ෆැබියන් ඇලන්,කාලෝස් බ්‍රත්වෙට්, ඉසුරු උදාන,සැහූරු කාන් ගෙන් සමන්විත වේ.

    මෙයට පෙර පැවැති පළමු තරගයෙන් ගෝල් ගැලැඩියේටර් පිළ ලකුණු 24කින් පරාජය කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img