Home දේශීය පුවත් උණුසුම් පුවත් බොරැල්ලෙ දේවි බාලිකාවේ කොටසක් නුගේගොඩට ගෙනයාමේ සුදානමක්

බොරැල්ලෙ දේවි බාලිකාවේ කොටසක් නුගේගොඩට ගෙනයාමේ සුදානමක්

බොරැල්ලෙ දේවි බාලිකාවේ කොටසක් නුගේගොඩට ගෙනයාමේ සුදානමක්

අංජනා මල්ලවආරච්චි

කොළඹ දේවි බාලිකා විද්‍යාලය සංවර්ධනය කිරීමේ මුවාවෙන් එම විද්‍යාලයේ කොටසක් වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට විදුහල්පතිනිය ඇතුළු පිරිසක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට දේවි බාලිකාව සුරැකීමේ සංවිධානයේ ලේකම් මිලෝචනා ශිමාලි මහත්මිය චෝදනා කළාය.

දේවි බාලිකා විද්‍යාලයට මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු රුපියල් බිලියන 100ක මුදලක් ලබා දෙන බවක් විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා, ගණිත අංශය නුගේගොඩ විජයරාම විද්‍යාලයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට මෙම පිරිස සැලසුම් කරන බවටත් ලේකම්වරිය චෝදනා කළාය.

දෙවි බාලිකාවේ කොටසක් බොරැල්ලේ තිබියදී නුගේගොඩට අනෙක් කොටස රැගෙන යාම සහ එම වැඩපිළිවෙළ දේශපාලන සහාය ලැබීමත් රහසිගතව ක්‍රියාත්මක වීමත් හරහා සැක සංකා මතු වන බවද දේවි බාලිකාව සුරැකීමේ සංවිධානයේ ලේකම්වරිය පැවසුවාය.

දේවි බාලිකා විද්‍යාලය අඩසියවසකට ආසන්න කාලයක් තිස්සේ රටට කීර්තිමත් ශිෂ්‍යාවන් බිහි කළ විද්‍යාලයක් වන අතර වත්මන් විදුහල්පතිනියගේ නව වැඩපිළිවෙළ හේතුවෙන් පාසල පිරිහී යාමේ අවදානමක් තිබෙන බවද ලේකම්වරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here