තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් හෝටල් නිරෝධායනයේදී හමුදා ලොක්කන්ගේ නෝනලාගේ ගිණුමට සල්ලි ගිහින්

    කොවිඩ් හෝටල් නිරෝධායනයේදී හමුදා ලොක්කන්ගේ නෝනලාගේ ගිණුමට සල්ලි ගිහින්

    “කොවිඩ් කාලේ විගමනික ශ්‍රමිකයන් සූරා කෑව බව අපි පිළිගන්නවා. ඔවුන් අපිත් එක්ක, රටත් එක්ක තරහා වෙන්නත්, ඩොලර් නොඑවන්නත් ප්‍රධාන හේතුව ඒකයි. හෝටල් නිරෝධායනය හරහා හමුදාවේ ලොකු ලොක්කන්ගේ නෝනලාට ගිණුමට මුදල් ගියා. තොරතුරු හෙට අනිද්දාට එළියට එයි. අපිටත් ඕනෑ විදේශගත ශ්‍රමිකයාගෙන් හූරා කෑ අය සොයා ගන්නයි.” යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    ‍මේ අතර විදේශ රැකියා නියෝජිතායතන 400ක් තාවකාකිලව තහනම් කළ බව ද පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    “විදේශ රැකියා නියෝජිතායතන අපි තදින්ම නියාමනය කරනවා. ඩොලර් නැතිව උණ්ඩියල් විදියට මුදල් ගෙන්වාගත් නියෝජිතායතනත්, සංචාරක වීසා මගින් යවලා, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා නොදීපු ආයතන වගේ නියෝජිතායතනත් 400ක් දැනට තාවකාලිකව තහනම් කරලා තියෙනවා.”

    “ඉස්සර ලක්ෂ හතහමාරක් වුණ විදේශ රැකියා නියෝජිතායතන බලපත්‍ර දීමේ ගාස්තුව ලක්ෂ තිහක් කරනවා. බලපත්‍රය නිකුත් කරන්නේ නිසි අධීක්ෂණ ක්‍රියාවලියකින් සහ බලපත් හිමියා සම්බන්ධ දැඩි අධ්‍යයනයකින් පසුව පමණයි.” යැයි ද අමාත්‍යවරයා එහිදී කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img