තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ පෞද්ගලීකරණයම නෙවෙයි

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ පෞද්ගලීකරණයම නෙවෙයි

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ආයතනයෙන් ආයතනය විද්වත් කමිටුවක් මගින් විශේෂ විශ්ලේෂණයකට භාජනය කොට, අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම එමගින් සිදුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රුවන්වැල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විවිධ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ කොටස් ඇති බවත්, එය ආයතනයෙන් ආයතනයට විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය හැකි බවත් විස්තර කරමින් පැවසීය.

    එමෙන්ම අමාත්‍යවරයා එහිදී පැවසූයේ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කෙරෙන ආයතන සියල්ලම පාහේ මූලික ප්‍රාග්ධන හා කාරක ප්‍රාග්ධන ඌනතාවයකින් පෙලෙන බවත්, එයට ශක්තිය ලබාදීම මෙහි එක් අරමුණක් බවයි.

    එමෙන්ම ලෝකයේ ඇති නවීන තාක්ෂණය පිළිබඳ ගැටළු, වඩාත් හොඳ කළමණාකරණයක් ලබාදීම, ඒ තුළින් නිෂ්පාදන වියදම අඩුකර ගැනීම ඇතුළු කරුණු රැසක් ඉටුකරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

    කලක් තිස්සේ පාඩු ලබන මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img