තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටේ ඉන්ධන තත්ත්වය ගැන අනාවරණයක්

    රටේ ඉන්ධන තත්ත්වය ගැන අනාවරණයක්

    දුර්වලව පැවැති මෙරට ඉන්ධන සංචිත මේ වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ඉන්ධන සංචිත ශක්තිමත් තත්ත්වයකට පැමිණ ඇත.

    රටේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි ඉන්ධන සංචිත ප්‍රමාණයක් මේ වනවිට පවතින බව එම සංස්ථාව කියා සිටී.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දත්තවලට අනුව අද දිනය වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 83,236ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 9955ක්, ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,640ක් සහ ඔක්ටෙන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,354ක් සංචිත ලෙස පවතින බව සඳහන් වෙයි.

    එමෙන්ම ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 10,022ක් අද දිනය වන විට මෙරට සංචිත තුළ පවතී.

    තවත් ගුවන් යානා ඉන්ධන නෞකා කිහිපයක් සඳහා ඇණවුම් ලබා දී ඇති බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.

    රටේ පැවැති අර්බුදකාරී වතාවරණය තුළ මිලදි ගන්නා සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයම වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුවීම තුළ ඉන්ධන සංචිත ශක්තිමත්ව පවත්වාගෙන යාමේ ක්‍රියාවලියට බාධා එල්ල විය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ QR ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමෙන් පසු ඉන්ධන නිකුත් කිරීම යම් සීමාවන්ට අනුගත වෙමින් සිදුකිරීම හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාලය නිසි කළමණාකරණයකට යටත් වී ඇති බවය.

    මේ වන විට අඛණ්ඩ ඉන්ධන මිලදී ගැනීම් සඳහා මීට පෙර සිදුකළ ආකාරයට යොමුවීමේ අවශ්‍යතාවක් නොපවතින බව ද සංස්ථාව කියයි.

    ඒ අනුව යම් යම් කාලානුරූපී නීර්ණයන් ඔස්සේ ඉදිරි මිලදී ගැනීම් සිදුකරන බවද එම සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img