Home උණුසුම් පුවත් සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේදී කොළඹ නාලන්දාවට විශිෂ්ට ජයක්

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේදී කොළඹ නාලන්දාවට විශිෂ්ට ජයක්

0
සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේදී කොළඹ නාලන්දාවට විශිෂ්ට ජයක්

2022 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ දී කොළඹ නාලන්දා විද්‍යාලය ඉදිරිපත් වූ තරග ඉසව් තුනෙන්ම පළමු ස්ථානය දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රාහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ.

ඒකල වාදනය -විශේෂ ගී අනුවාදන තරග ඉසව්වෙන් බොක්ස් ගිටාර් වාදන අංශයෙන් තරග කල තිනාල් දම්සිත් කෝනාර සිසුවාද, හාර්මෝනියම් වාදන අංශයෙන් මෙනුර සූරියආරච්චි සිසුවාද සමූහ ගී අනුවාදනය තරග ඉසව්වෙන් ඉදිරිපත් වූ කණ්ඩායම ද මෙහිදී ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.

විදුහල්පති තිලක් වත්තුහේවා මහතාගේ ආශිර්වාදයෙන් මෙම සුවිශේෂී ජයග්‍රාහණය උදෙසා සිසුන් මෙහෙයවනු ලැබූ පෙරදිග සංගීත ඒකකයේ කල්ප උදයප්‍රිය, දුලානි රේණුකා හා මානෙල් සේනාරත්න ගුරු මහත්ම මහත්මීත් සමඟ මෙම ජයග්‍රාහණය ලැබූ ජනුප වැලිකල,ටෙවින් ගුණසේකර,නලමුදු බුලේගොඩ,යතික සිරිකුමා,චනිතු පෙරේරා,සරිඳු නෙත්සර,චේනිත නිම්නාල්, දිනිඳු හේරත්,තිසග පෙරේරා,ඉමෙත් රාජකරුණා,මෙනුක පෙරේරා,දුලානි රේණුකා,කල්ප උදයප්‍රිය,මානෙල් සේනාරත්න,හේෂාන් නෙත්සර,මෙනුර සූරියආරච්චි,අනූප වීරසිංහ,නදිල් හෙන්නායක යන සිසුන් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here