Home උණුසුම් පුවත් වසර 11කට පසු ජාතික ජලපන්දු ශූරතාවය ගුවන් හමුදා පිරිමි කණ්ඩායමට

වසර 11කට පසු ජාතික ජලපන්දු ශූරතාවය ගුවන් හමුදා පිරිමි කණ්ඩායමට

වසර 11කට පසු ජාතික ජලපන්දු ශූරතාවය ගුවන් හමුදා පිරිමි කණ්ඩායමට

වසර එකොළහකට පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ජාතික ජල පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් සංවිධානය කරන ලද 2022 – ජාතික ජල පන්දු ශූරතාවලියේදී ය.

පසුගිය 18 වන දින සිට 20 වන දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාක සංකීර්ණයේදී එය පැවැත්විණි.

ඕල්ඩ් තෝමීයන්ස් පිහිනුම් සමාජය (OTSC) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඕල්ඩ් තෝමියන්ස් කණ්ඩායම ලකුණු 9ට 7 ක් ලෙස පරාජයට පත් කරන ලදී.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට උදයත්‍ර ආර්.එල්.කේ සම්මානය හිමිකරගත් අතර ශූරතාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස කැඩෙට් නිලධාරි ද සිල්වා යු.අයි.ඕ සම්මානය හිමිකරගන්නා ලදී.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා ජල ක්‍රීඩා සංගමයේ සභාපති නෙරු නානායක්කාර මහතා සහ ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් අසේල ජයසේකර මහතා සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here