මුල් පිටුව උණුසුම් පුවත් ගම්මන්පිලට තිබූ තහනමක් ඉවතට

ගම්මන්පිලට තිබූ තහනමක් ඉවතට

0

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ ඔහු විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් විශ්වාසය කඩකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

විදේශ ගමන් තහනම පනවා තිබී ඇත්තේ එම නඩුවට අදාළව ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version