මුල් පිටුව උණුසුම් පුවත් මෙරට කතුන් ඕමානයේදී ගණිකාවන් කළ කතට ඇප

මෙරට කතුන් ඕමානයේදී ගණිකාවන් කළ කතට ඇප

0

මෙරට කාන්තාවන් සංචාරක වීසා මගින් රක්සත් එමීර් රාජ්‍ය හරහා නීති විරෝධීව ඕමානයට රැගෙන ගොස් එහිදී ගණිකාවන් ලෙස අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආශා දිසානායක නැමැති කාන්තාව අද සවස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 03ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

නීතීඥවරුන් දෙදෙනෙක් සමඟ පැමිණි මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාශයවෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය.

ඇය කාලයක් තිස්සේ මෙම ජාවාරමට සම්බන්ධව සිටින තැනැත්තියක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන තිබුණි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version