මුල් පිටුව උණුසුම් පුවත් මෙරට කතුන් ගණිකාවන් ලෙස ඕමානයට පටවන කාන්තාව අල්ලයි

මෙරට කතුන් ගණිකාවන් ලෙස ඕමානයට පටවන කාන්තාව අල්ලයි

0

මෙරට කාන්තාවන් සංචාරක වීසා මගින් ඩුබායි වෙත රැගෙන ගොස් එහි සිට නීති විරෝධි ලෙස ඕමානයට රැගෙන ගොස් ගණිකා ලෙස අලෙවි කිරීමේ ජාවාරමේ ප්‍රධානියා බව කියන කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ආශා දිසානායක නැමැති මෙම කාන්තාව දඹුල්ලේ පදිංචිකාරියකි.

සතියක් පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඇය ගැවසෙන ස්ථාන වටලමින් සිටියදි ඇය අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාශයට පැමිණ භාරවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version