Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා පොලීසියේ ‘මහත්වරු’ පුරප්පාඩුයි

ශ්‍රී ලංකා පොලීසියේ ‘මහත්වරු’ පුරප්පාඩුයි

ශ්‍රී ලංකා පොලීසියේ ‘මහත්වරු’ පුරප්පාඩුයි

පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා හිංසනයට එරෙහිව පිරිසක් විසින් අද දින පොලිස් මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

කොළඹදී විරෝධතාවක නියැලෙමින් සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිද්ධියකදී ඉහළ පොලිස් නිලධාරියකු විසින් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකුගේ ගෙලෙන් අල්ලා ජිප් රථය දෙසට තල්ලු කිරීමේ සිද්ධියට අදාළව සමාජය තුළ දැඩි විවේචන මතුවිය.

දේශපාලන හා සිවිල් සංවිධාන අතර ද මෙම සිද්ධිය විවේචනයට ලක්වූ අතර ඒ පිළිබඳ පොලීසියේ ආයතනික මට්ටමේ පරීක්ෂණයක් ද පැවැත්වේ.

අද පැවති මෙම විරෝධතාව ද එම සිද්ධියට අළලා පැවැත්වූවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here