Home උණුසුම් පුවත් බස්නාහිර කෘෂි අමාත්‍යාංශයේ ඡායාපිටපත් කඩදාසි තොගයක් උස්සලා

බස්නාහිර කෘෂි අමාත්‍යාංශයේ ඡායාපිටපත් කඩදාසි තොගයක් උස්සලා

0
බස්නාහිර කෘෂි අමාත්‍යාංශයේ ඡායාපිටපත් කඩදාසි තොගයක් උස්සලා

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබූ ඡායා පිටපත් කඩදාසි බණ්ඩල් 300ක් සොරාගෙන ගොස් තිබේ.

මෙසේ සොරා ගැනීමට ලක්ව ඇත්තේ කඩදාසි 500 බැගින් අඩංගුව තිබුණු බණ්ඩල් 300කි.

බස්නාහිර පලාත් කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යාලය පිහිටා ඇත්තේ බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ගොඩනැගිලි සංකීර්ණය තුළමය.

මෙම සොරකම ගැන තලංගම පොලීසියට ඊයේ (16) පැමිණි අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරයා විසිනි පැමිණිලිකර ඇත. කවුරුන් විසින් මෙම සොරකම කර තිබේදැයි මෙතෙක් අනාවරණය වී නැත. ඒ ගැන සොයා විමර්ශන පැවැත්වෙන බව තලංගම පොලීසිය කියයි.

ගණකාධිකාරීවරයා විසින් කර ඇති පැමිණිල්ලට අනුව මෙම සොරකම පසුගිය අප්‍රේල් 31 වෙනිදායින් පසු දිනක සිදුව ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here