තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආගමික අන්තවාදය ඇති පොත් බෙදන කතාවට ඇමතිගේ උත්තරේ

    ආගමික අන්තවාදය ඇති පොත් බෙදන කතාවට ඇමතිගේ උත්තරේ

    ආගමික අන්තවාදය සහිත පොත් බෙදා හරින බවට ඇතැම් වෙබ් අඩවි විසින් තමාට චෝදනා එල්ල කරනු ලබන්නේ 2022 වසරේ ඉස්ලාම් ධර්මය විෂයට අදාළ 6 සිට 11 වසර දක්වා සංශෝධිත පෙළ පොත මේ වන විට දරුවන්ට බෙදා දෙමින් තිබෙන නිසා යැයි සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

    ඔහු අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    මෙම පෙළපොත්වල ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ අතර ඒ අනුව,පත් කළ විශේෂ කමිටුවක් මගින් මෙම කරුණු පරිශීලනය කර අදාළ සංශෝධනය සිදු කර අලුතින් මුද්‍රණය කර තිබේ.

    එහෙත් ඇතැම් වෙබ් අඩවිවල ආගමික අන්තවාදය සහිත පොත් බෙදා හරිනවා යනුවෙන් තමාට චෝදනා එල්ල වන බවත් එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

    “සියළුම ආගම්වල එකගතාවයෙන් මෙම පොත් බෙදා හරිනවා. මම කළේ සියළුම දරුවන්ට සාධාරණය ඉටුකරන එකයි. මම කළේ නිවැරදි දෙයක්. එම දරුවන් එළඹෙන මැයි මාසයේ සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. සෑම දරුවකුටම සමානව අවස්ථාව දිය යුතුයි, මෙම වෙබ් අඩවිය අසත්‍ය ප්‍රචාරය කරනවා. මේක නැවැත්තුවේ නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගේනවා” යැයි ද අධ්‍යාපන ඇමතිවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img