Home උණුසුම් පුවත් කතරගම දේවාලයේ කපුවා දුන් ගිනිඅවිය පත්තු වී 5 හැවිරිදි දරුවා මරුට

කතරගම දේවාලයේ කපුවා දුන් ගිනිඅවිය පත්තු වී 5 හැවිරිදි දරුවා මරුට

0
කතරගම දේවාලයේ කපුවා දුන් ගිනිඅවිය පත්තු වී 5 හැවිරිදි දරුවා මරුට

කතරගම දේවාලයේ කපුවෙකු ලබාදුන් වායු රයිෆලයකින් තැබූ වෙඩිල්ලක් හිසට වැදී වයස අවුරුදු 05ක දරුවෙක් මියගොස් තිබේ.

මෙම දරුවා තුවාල ලබා බරපතල තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි සඳහන් ය.

කතරගම දෙටගමුව පියර 03 ගම්මානයේ පදිංචි එන්.ටී.ආසියස නැමැති දරුවා මෙසේ මෙම අනතුරට ලක්ව තිබුණි.

දරුවාගේ පියාගේ මල්ලි විසින් මෙම වෙඩි තැබීම කර ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කතරගම පොලීසිය කියයි.

වායු රයිෆලය දරුවාගේ පියාට ලබාදී ඇත්තේ කතරගම දේවාලයේ කපුවෙකු බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

වගා හානිකරන සතුන් පලවා හැරීමට මෙම අවිය ඔහු විසින් රැගෙන විත් ඇති බවද කියැවේ.

මුලින්ම දරුවාව ඇතුලත්කර ඇත්තේ හම්බන්තොට රෝහලටය. තත්ත්වය බරපතල වූ බැවින් කරාපිටිය රෝහලට මාරුකර තිබෙන බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

ගිනි අවිය සමඟ දරුවාගේ පියාගේ 18 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here