මුල් පිටුව උණුසුම් පුවත් අන්තර්ජාල පිරිමිඩ ජාවාරමකින් බිලියන 15කට විද්ද 8ක් අල්ලයි

අන්තර්ජාල පිරිමිඩ ජාවාරමකින් බිලියන 15කට විද්ද 8ක් අල්ලයි

0

“SPORTS CHAIN“ නමින් චීන ජාතික යුවලක් විසින් අන්තර්ජාල මෘදුකාංගයක් ඔස්සේ කරගෙන ගිය පිරිමිඩාකාර මුදල් ජාවාරමකට සම්බන්ධ තවත් චීන ජාතිකයින් දෙදෙනෙක් ඇතුළු 08 දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණීජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ලෝකයේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින “ක්‍රිප්ටෝ කරන්සි“ ඒකකයක් ලෙස පෙන්වමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. මෙම ජාවාරම 2020 වසරේ සිට කරගෙන ගොස් ඇත්තේ SPORTS CHAIN ZS COCIETY SRI
LANKA නමින් සමාජ ජාලයක් පිහිටුවාගෙන ඉතා රහසිගතව බව ද විමර්ශන වලින් අනාරවණය වී ඇත.

මෙතෙක්කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව 2020 වසරේ සිට මේ දක්වා මෙම ජාවාරමට පුද්ගලයින් 8000ක් පමණ හසුවී ඇති බවත් රුපියල් කෝටි 1500කට අධික මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති විමර්ශන වලින් හෙළිවී තිබේ.

මෙම ජාවාරම පවත්වාගෙන ගිය චින ජාතිකයෙක් සහ ඔහුගේ චීන ජාතික පෙම්වතිය මලයාසියාවට පළායාමට උථ්සහ ගැනීමකදී කටුනායක ගුවන් තොටුපොලේදී පසුගිය ඔක්තෝම්බර් 12 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

එම චීන ජාතිකයාමෙරට විශාල ව්‍යාපෘති සඳහා චීන ආයෝජකයෙක් ලෙස සම්බන්ධ වන චීනයේ ප්‍රකෝටිපතියෙකුගේ පුතෙක් බවද අනාවරණය වී ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොල්පිතිගම, කුරුණෑගල, පොලොන්නරුව, ගිරිබාව, යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙසේ ඇප මත මුදා හැර ඇත්තේ කුරුණෑගල පින්නවල පිටිය වත්තේ පදිංචිකරුවෙක් වන 47 වියැති කීර්ති බණ්ඩාර නැමැති අයෙකි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version