ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඔහු ඒ බව අද (03) දැනුම් දී ඇත.
තිසර පෙරේරා එක්දින ජාත්‍යන්තර තරග 166 කට සහභාගිවී ලකුණු 2338 ක් රැස්කර ගෙන තිබේ. ඔහු පන්දු යවන්නෙක් ලෙස කඩුලු 175 ද බිද හෙළීමට ඔහු සමත්ව ඇත.
ශ්‍රී ලංකා T 20 කණ්ඩායමද නියෝජනය කරමින් තරග 84 කට සහභාගිවී ඇති තිසර පෙරේරා එහි නායකත්වයද දරා තිබේ. ඔහු ටෙස්ට් පිටියට සමුදෙක්කේ 2016 වසරේදීය.