තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එංගලන්තයට ලකුණු 138ක ඉලක්කයක්

    එංගලන්තයට ලකුණු 138ක ඉලක්කයක්

    විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කරන පාකිස්ථානය පළමුව පන්දුවට පහරදෙමින් එංගලන්තයට එරෙහිව ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දී තිබේ.

    කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරාගත් අතර ඔවුන් පාකිස්ථාන කණ්ඩායමට විශාල ලකුණු පුවරුවකට යාම වැළැක්වුයේය.

    පාකිස්ථානය වෙනුවෙන් පිත්තෙන් දස්කම් පෑ ෂාන් මසූඩ් පන්දු විසි අටක දී ලකුණු 38ක් ලබාගත් අතර නායක බාබර් අසාම් පන්දු විසි අටක දී ලකුණු 32ක් ලබා ගනිමින් පාකිස්ථානය තරමක ලෝක කුසලාන බලාපොරොත්තුවක රැන්දුවේය.

    පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් සැම් කරන් පන්දුවාර 4 ක දී ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තේය. ඊට සහය වූ අදිල් රෂීඩ් පන්දුවාර 4ක දී ලකුණු 22කට කඩුලු 2ක් දවාලීය. චාල්ස් ජෝඩන් ලකුණු 27කට කඩුලු 2යි.

    පාකිස්ථානය 137/08 (20)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img