Home උණුසුම් පුවත් පාසල් ක්‍රීඩාගාරය තුළදී සිසුවෙකුට අතවර කළ සැරයන් අත්අඩංගුවට

පාසල් ක්‍රීඩාගාරය තුළදී සිසුවෙකුට අතවර කළ සැරයන් අත්අඩංගුවට

0
පාසල් ක්‍රීඩාගාරය තුළදී සිසුවෙකුට අතවර කළ සැරයන් අත්අඩංගුවට

නාවුල ජාතික පාසලේ ක්‍රීඩාගාරය තුලදී 15 වියැති සිසුවෙකුට ලිංගික අතවර කළ පොලිස් සැරයන්වරයෙකුව නාවුල පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

නාවුල පොලිස් ස්ථානයට අනුයුක්ත එම පොලිස් සැරයන්වරයා විසින් මෙම සිසුවාට එම අපරාධයකර ඇත්තේ පසුගිය 06 වෙනිදා බව පොලීස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මේ ගැන පැමිණිල්ල පොලීසියට කර ඇත්තේ එම සිසුවාගේ මව විසිනි.

ඒ අනුව එම සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමටද පොලිසිය පියවර ගෙන ඇත.

විමර්ශන වලින් හෙළිවි ඇත්තේ මත්පැන් බෝතලයක් සමඟ ලබාගත් ඡායාරූපයක් එම පොලිස් නිලධාරියාට ජංගම දුරකතනයේ තිබී හමුවූ වී ඇති බවය. ඒ ගැන දෙමාපියන්ව දැනුවත් කිරීමට අවශ්‍ය බව පවසමින් මෙම නිලධාරියා දරුවාගේ නිවසට යාම සඳහා ගමන් මග සිසුවාගෙන් විමසා ඇති බවද විමර්ශනයේදී හෙළිවී ඇත. එහිදී සිසුවා විසින් නිවසට නොපැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කියයි. එහිදී සිසුවාව පාසලේ ක්‍රීඩාගාරයට කැදවාගෙන ගොස් අදාල නිලධාරියා විසින් අතවර කර ඇති බව දරුවාගේ ප්‍රකාශවලින් පැවසෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ අනුව එම සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන වැඩ තහනම්කළ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ ගැන අදාල නිලධාරියා පාසලේ විදුහල්පතිවරයාටත් දෙමාපියන්වත් දැනුවත් කර ඇ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here