Home උණුසුම් පුවත් කරාපිටිය රෝහලේ විකිරණ අංශයේ ගින්නක්

කරාපිටිය රෝහලේ විකිරණ අංශයේ ගින්නක්

0
කරාපිටිය රෝහලේ විකිරණ අංශයේ ගින්නක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවේ දෙවැනි මහලේ විකිරණ අංශයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඒ එහි සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍රයක (A.C) ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් වායුසමීකරණ යන්ත්‍රය ගිනිගැනීම හේතුවෙන් බව සඳහන් ය.

අද පස්වරු 6ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එය ගින්න හේතුවෙන් එම වාට්ටුවේ තිබූ පුටු සහ මේස කිහිපයක් ගිනිගෙන විනාශ වී ඇත.

එම වට්ටුවේ ජනෙල් වීදුරු කිහිපයක් ද ගින්න නිසාවෙන් හානි වී ඇත.

එම රෝහලේ අද දින නේවාසික රෝගීන් 150ක් පමණ සිට ඇත.

ගිනිගැනීම නිසා හටගත් දුමාරයෙන් නේවාසික රෝගීන් අපහසුතාවට ලක්වන බැවින් රෝහල් කාර්ය මණ්ඩල විසින් එම රෝගීන් එම වාට්ටුවේ පහත මාලය කරා රැගෙන ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here