Home උණුසුම් පුවත් ඉන්දියාව පරදා එංගලන්තය ලෝක කුසලාන අවසන් මහා තරගයට

ඉන්දියාව පරදා එංගලන්තය ලෝක කුසලාන අවසන් මහා තරගයට

0
ඉන්දියාව පරදා එංගලන්තය ලෝක කුසලාන අවසන්  මහා තරගයට

ඉන්දියාව සමඟ ඇඩිලේඩ් හි පැවැති විස්සයි 20 දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 10කින් ජය ලැබූ එංගලන්තය ලෝක කුසලාන අවසන් මහා තරගයට අද (10) සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව ඔවුන් ලබන ඉරිදා (13) පාකිස්ථානය සමඟ ලෝක කුසලාන අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත.

කාසියේ වාසිය හිමිකරගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නේය. එහෙත් බලාපොරොත්තු වූ තරම් ලකුණු සංඛ්‍යාවකට යා නොහැකි වූ ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තේය.

එම ඉලක්කය හඹාගිය එංගලන්තය කිසිදු ක්‍රීඩකයකු නොදැවී පන්දුවාර 16ක් තුළ ලකුණු 170ක් ලබා ගත්තේය. තරගයේ වීරයා සම්මානය හිමිකරගත් අලෙක්ස් හැලෙස් පන්දු හතළිස් හතක ී ලකුණු 86ක් හිමිකර ගත්තේය.

ඉන්දියාව 168/6 (20)

එංගලන්තය 170/0 (16)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here