තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පාර්ලිමේන්තුව මැරිලා" - පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල

    “පාර්ලිමේන්තුව මැරිලා” – පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල

    ‘පාර්ලිමේන්තුව මැරිලා’ යැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය‍.

    “අද වනවිට මේ පාර්ලිමේන්තුවත් එක්ස්පයර් (කල් ඉකුත්වෙලා) තියෙන්නෙ” යැයි කී කිරිඇල්ල මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරුන්වත් මේ සභාවට පැමිණ නැතැයි ද සඳහන් කළේය.

    මැතිවරණ නීති සංශෝධනය සඳහා 2012 වර්ෂයේ දී මහන්ද රාජපක්ෂ මැතිතුමා තමයි මුල පිරුවේ. එදා ඒ කමිටුව භාර දුන්නේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට යැයි පෙන්වා දුන් කිරිඇල්ල මහතා, අදාළ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස පළාත් පාලන මන්ත්‍රීවරු සංඛ්‍යාව 2000 සිට 4000ට වැඩි වූ බව ප්‍රකාශ කළේය.

    ඊට පස්සේ ආපු යහපාලන ආණ්ඩුව 4000 සිටි මන්ත්‍රීවරුන් ගණන 8000 දක්වා වැඩි කළා යැයි ද කී කිරිඇල්ල මහතා 21 වැනි සංශෝධනයට සජබ සහය නොලැබුණානම් සම්මත නොවෙන බව පැවසීය.

    පසුගිය අවුරුදු 100ක ලෝක ඉතිහාසයේ බංකොලොත් යැයි කී රටවල් ගණන 7ක් බවත්, ඉන් එකක් වීම ගැන ලැජ්ජ නැද්දයි විමසූ කිරිඇල්ල මන්ත්‍රීවරයා එක්කො ඒක නොකිය ඉන්න තිබුණා යැයි ද පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img