තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලර් පෙන්වා යාපනයේ වැසියන් රැවටූ හතරේ කල්ලිය අල්ලයි

    ඩොලර් පෙන්වා යාපනයේ වැසියන් රැවටූ හතරේ කල්ලිය අල්ලයි

    අඩු මිලට ඩොලර් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරික වෙස්ගෙන යාපනයේ වැසියන් රවටමින් මුදල් වංචා කරමින් සිටි සිව් දෙනෙකුගේ කල්ලියක් යාපනය පොන්නම්බලම් වීදියේ නවාතැන් පොළක (ලෝජ්) රැදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (09) සවස කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඩොලර් මුදල් ලබාදෙන බව පවසා ඔවුන් විසින් වංචා කළ රුපියල් විසි අට ලක්ෂ පහලොස් දහසක මුදලක් (2,815,000) සහ අමෙරිකානු ඩොලර් 825ක් ද විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් සතුව තිබී සොයාගෙන ඇත.

    මෙම සැකකරුවන් අනුරාධපුර, ත්‍රිකුණාමලය, දහයියාගම සහ වටගොඩ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 33,35,55,50 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.

    මෙම වංචාකරුවන් සිව් දෙනා යාපනයට පැමිණ ඇත්තේ ත්‍රිකුණාමලයෙන් ලබාගත් මෝටර් රථයක නැගීය. එම මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත. රුපියල් ලක්ෂ එකහාමාරක මාසික කුළියකට එම මෝටර් රථය ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img