ජනපති එයි

0

ඊජිප්තුවේ නිල සංචාරය අවසන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (10) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ එරටදී පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවයි.

COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉකුත් නොවැම්බර් මස 6 වන දින අලුයම පිටත්ව ගොස් තිබුණි.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version