Home උණුසුම් පුවත් ඩුබායි ඉඳන් ආ තවත් මංකිපොක්ස් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

ඩුබායි ඉඳන් ආ තවත් මංකිපොක්ස් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

ඩුබායි ඉඳන් ආ තවත් මංකිපොක්ස් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි තවත් පුද්ගලයෙකුට වඳුරු උණ හෙවත් මංකිපොක්ස් වැළඳී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි රාජ්‍යයේ රැකියාවක නියුතුව සිට එහිදී වඳුරු උණ රෝගියෙකුගේ ආශ්‍රිතයකු බවට පත්ව ඇති ඔහු ලංකාවට පැමිණ ඇති බවත් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් අයිඩීඑච් උණ රෝහලට ප්‍රතිකාර සඳහා ගොස් සිටියදී වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු වී යැයිද එම ආරංචි මාර්ග කියයි.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදුකළ නිදර්ශක පරීක්ෂාවේදී එම පුද්ගලයාට වඳුරු උණ වැලඳී ඇතැයි තහවුරු කරගෙන තිබේ.

එම රෝගියා මේ වන විට අංගොඩ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here