Home උණුසුම් පුවත් ධනුෂ්කගේ සිද්ධිය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලයක්

ධනුෂ්කගේ සිද්ධිය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලයක්

ධනුෂ්කගේ සිද්ධිය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලයක්

ඕස්ට්‍රේලියාවේ දී සිදුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක සම්බන්ධ බව කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලයක් පත්කර තිබේ.

ඒ අනුව විනිසුරු සිසිර රත්නායක (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), නීතිඥ නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලයක් මෙලෙස පත් කර ඇත.

ජාතික කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානයට ලක්ව ඇති සහ සිදුවූ බව කියන විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම කමිටුව විමර්ශනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

T20 ලෝක කුසලානය අතරතුර සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බව සැලවීමත් සමඟ ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකාර ක්‍රිකට් තරගවලින් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මීට පෙර තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා සළකා බැලූ සිඩ්නි අධිකරණය සඳුදා ඇප දීම ද ප්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here