මුල් පිටුව උණුසුම් පුවත් තායිලන්ත තානාපති නිල නිවස හොරු බිදිති

තායිලන්ත තානාපති නිල නිවස හොරු බිදිති

0

තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් මහතා පදිංචිව සිටින කොළඹ 07 මල්පාරේ පිහිටි නිල නිවසට සොරෙක් ඇතුළුවී ලක්ෂ 03ක පමණ දේපොල සොරාගෙන ගොස් තිබේ.

මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ (06) අලුයම් 2.00ත් උදෑසන 7.00ත් අතර කාලයේදීය.

ජංගම දුරකතනයක්, සමරුඵලකයක්, තායිලන්ත මුදල් හා ලංකා රුපියල් 10,000ක් ඇතුළු දේපොල රැසක් සොරා ගැනීමට ලක්ව ඇති බව තානාපති නිල නිවසින් කොල්ලුපිටිය පොලීසියට මේ ගැන පැමිණිලි කරමින් සඳහන්කර තිබේ.

මෙම සොරකම සිදුවන්නේ තානාපති කාර්යාලට පිටත පොලිස් ආරක්ෂාවක් මෙන්ම ඇතුලතින් පෞද්ගලික ආරක්ෂක අංශයේ ආරක්ෂාවක් යොදවා තිබියදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version