මුල් පිටුව උණුසුම් පුවත් දරුවන්ගේ සිහින සැබෑකරන්න ශ්‍රීලංකන් ගුවන් සේවය, ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා...

දරුවන්ගේ සිහින සැබෑකරන්න ශ්‍රීලංකන් ගුවන් සේවය, ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් එක්වෙයි

0

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් , ගෝල් ෆේස් හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමග එක්ව 2022 ලෝක ළමා දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී. මෙහිදී ගංගොඩවිල බාලිකා නිවාසයේ ළමුන් 45 දෙනෙකුට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආගන්තුක සත්කාරය විඳිමින් ගුවන් යානයක ඇතුළත නිරීක්ෂණය කිරීමට, ඊබට් සිල්වා සමාගමට අයත් තට්ටු දෙකේ බස් රථයේ ගමන් කිරීමට සහ ගාලු මුවදොර හෝටලයේ ආහාර පාන භුක්ති විඳීමටත් අවස්ථාව උදා විය.මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ දරුවන්ට සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රය පිළිබඳ නව දැනුමක් ලබාදීමත් විනෝදාත්මක අත්දැකීමක් ලබා දීමයි.

මෙහිදී ප්‍රථමයෙන් දරුවන් ඔවුන් රැඳී සිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිට ඊබට් සිල්වා හොලිඩේස් ආයතනයට අයත් තට්ටු දෙකේ බස් රථයකින් කොළඹ නගරය නැරඹීම සඳහා රැගෙන යන ලදී. ඉන් අනතුරුව එම පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එහිදී ළමයින්ට ගුවන් තොටුපළ නිරීක්ෂණය කිරීමටත් එහි තොරතුරු දැන ගැනීමටත් අවස්ථාව සැලසිණි. අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330 ගුවන් යානයට ගොඩවීමේ අවස්ථාව ඔවුන්ට හිමිවූ අතර එහිදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ආගන්තුක සත්කාරය අත්විඳීමටද ලැබිණි.

එදින දිවා ආහාරයෙන් පසු මෙම දරුවන් පිරිස නැවත කොළඹ වරායට රැගෙන ගිය අතර එහිදී ඔවුන්ට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් දැක බලා ගැනීමටත් එයට ගොඩවීමටත් අවස්ථාව උදා වූහ.

සවස් වරුවේ ගෝල් ෆේස් හෝටලය විසින් මෙම දරුවන් සඳහා තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබූ අතර එහිදී ඔවුන් සජීවී සංගීත කණ්ඩායමක් සමහ ඔවුන්ගේ ප්‍රියතම ගීත ගායනා කිරීමටත් නර්තනයේ යෙදීමටත් අවස්ථාව උදා වූහ. වැඩසටහන අවසන් වී දරුවන් පිටත්ව යාමට පෙර, සංවිධායක මණ්ඩලය විසින් සෑම අයෙකුටම තෑගි පිරිනමන ලදී.

ශ්‍රීලංකන් කෙයාර්ස්, ගාලු මුවදොර හෝටලය, ඊබට් සිල්වා හොලිඩේස් සහ ඔවුන්ගේ නිවෙස්වල කාර්යමණ්ඩලය මෙම සුවිශේෂී දිනය උදාකර දීමට කළ කැපවීම අගය කරමින් එක් දරුවෙක් ස්තුතිය පුද කළේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටල් මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් කෙයාර්ස් දරුවන් සවිබල ගැන්වීම සහ නඟා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපෘති රාශියක් සිදු කරමින් සිටිනවා. රට පුරා සිටින දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන මෙවැනි මුලපිරීම අපට විශේෂයි. වසර ගණනාවක් පුරා මෙම වාර්ෂික උත්සවයේ කොටස්කරුවන් වූ අපගේ වටිනා හවුල්කරුවන් වන ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් වෙත අපගේ අවංක ප්‍රශංසාව හිමිවෙනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඊබට් සිල්වා හොලිඩේස් හි සභාපතිනි රාජිනී ද සිල්වා මෙන්ඩිස් මහත්මිය මෙසේ සඳහන් කළේය: “රටේ අනාගත කුළුණු වන දරුවන්ට විශාල සිහින දැකීමට විශ්වාසයක් සහ අභිප්‍රේරණයක් ලබා දෙන මෙවැනි විශිෂ්ට අත්දැකීමක් පිරිනැමීමට නැවත වරක් අපගේ හිතවත් සහකරුවන් දෙදෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ දරුවන් අපේ මාතෘභූමියේ වගකිව යුතු සහ වටිනා පුරවැසියන් වනවා දැකීමට අවංක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ අනාගත ඉලක්ක ඉහළ මට්ටමක පවතිනවා.”

මෙහි දී Team Galle Face Hotel පැවසුවේ, “ශ්‍රීලංකන් කෙයාර්ස් සහ ඊබට් සිල්වා සමඟ එක්ව ජාතියේ අනාගතය සඳහා දරුවන් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ ලෝක ළමා දිනය සැමරීමේ මෙම සුවිශේෂී වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට ගාලු මුවදොර හෝටලය ලැබීම භාග්‍යයක් බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version