තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"විපක්ෂනායකට හූ කියනවා දැක්කම මට ඇත්තටම දුක හිතුණා" - එජාප මහලේකම්

    “විපක්ෂනායකට හූ කියනවා දැක්කම මට ඇත්තටම දුක හිතුණා” – එජාප මහලේකම්

    කොළඹ කොටුවේදී අද (2) පැවති ඒකාබද්ධ විරෝධතා පාගමනේදී ජනතාව විසින් රටෙි විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් අනුමත කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

    ඔහු පවසන්නේ එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයකු මෙවැනි ක්‍රියාවක් අනුමත නොකරන බවයි.

    එක්සත් ජාතික පක්ෂය හොඳ මුල් අරටුවකින් පැවත එන පක්ෂයක් බැවින් කිසි විටෙක බාලවැඩවලට කැමති වන්නේ නැති බවද ඔහු සඳහන් කළේය.

    විරෝධතාව අතරතුර දී විපක්ෂ නායකවරයා හූ හඬ මැද්දේ පසුබා යන අයුරු දුටු විට තමාට ඇත්තටම දුක හිතුනු බව කී මහලේකම්වරයා ඉදිරි නායකයකුට විපක්ෂ නායක තනතුර ගෞරවාන්විතව දැරීමට හැකි තත්ත්වයක් ඉතිරි කොට තැබීම සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීමක් බවද වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img