Home දේශීය පුවත් උණුසුම් පුවත් විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට යැවු නම් තුනම ජනපති කාර්යාලයෙන් ප්‍රතික්ෂේප වෙයි

විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට යැවු නම් තුනම ජනපති කාර්යාලයෙන් ප්‍රතික්ෂේප වෙයි

විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට යැවු නම් තුනම ජනපති කාර්යාලයෙන් ප්‍රතික්ෂේප වෙයි

අංජනා මල්ලවආරච්චි

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා එහි පාලක සභාව මඟින් ජනාධිපති කාර්යාලයට යොදා ඇති මහාචාර්යවරුන් තිදෙනාගේ ම නම් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා අයදුම් කළ මහාචාර්යවරුන්ගෙන් සුදුසුකම් පරීක්ෂා කළ මණ්ඩලය නන් තුනක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ජනාධිපති කාර්යාලයට යවා ඇතත් එම නම් තුන ප්‍රතික්ෂේප වී ඇතැයි විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය ඇන්ටන් පියරත්න මහතා පැවසීය.

උපකුලපතිවරයකු තෝරා පත් කර ගැනීමේ නිසි ක්‍රමවේදය අනුගමනය කර මහාචාර්යවරුන්ගේ නම් තුනක් යැවූ නමුත් එය ප්‍රතික්ෂේප කිරීම අත්තනෝමතික ක්‍රියාවකැයි ද ඊට විරෝධය දක්වන බවද සභාපතිවරයා කීය .

මෙවැනි ක්‍රියාදාමයක් මීට පෙර සිදුව නැතැයි ද නරක පූර්වාදර්ශයකැයි ද මහාචාර්ය ඇන්ටන් පියරත්න මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here