Home උණුසුම් පුවත් ගිවිසුම් අත්සන් කරන දිනවකවානු IMF එක කැබිනට්ටුවට කියලා

ගිවිසුම් අත්සන් කරන දිනවකවානු IMF එක කැබිනට්ටුවට කියලා

ගිවිසුම් අත්සන් කරන දිනවකවානු IMF එක කැබිනට්ටුවට කියලා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදෙන ණය පහසුකමට අදාළව ලබන මාසය වනවිට ගිවිසුම්ගතවිය හැකි වනු ඇති බවට එහි නියෝජිතයන් පැවසූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට ණය පහසුකම් සැපයීමට අදාළව කටයුතු කරන නියෝජිතයන් දෙසතියකට පෙර පැවති කැබිනට් රැස්වීමක් සමඟ සූම් හමුවක් මගින් සම්බන්ධ වී ගිවිසුම් සිදුවන කාලසීමාවන් දින වකවානු සමඟ කැබිනට් හමුවට ‍කියාසිටි බව ද අමාත්‍යවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ ය.

පවතින තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ලබන වසරේ ජුනි පමණ වනවිට ඩොලරය යළිත් රුපියල් 250කට පමණ අඩුකිරීමට හැකි වනු ඇති බවට පවසා ඇතැයි ද අමාත්‍යවරයා හෙළිකළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here