Home උණුසුම් පුවත් අද පැවැත්වෙන උද්ඝෝෂණ ගැන පොලීසිය කියන දේ

අද පැවැත්වෙන උද්ඝෝෂණ ගැන පොලීසිය කියන දේ

0
අද පැවැත්වෙන උද්ඝෝෂණ ගැන පොලීසිය කියන දේ

දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අද (02) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇති විරෝධතාව ‍කොළඹ දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබානොදෙන බව පොලීසිය විසින් එම විරෝධතාව සංවිධාවය කර ඇති පාර්ශව වෙත ලිඛිතව දැනුම් දී ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාශ සහකාර පොලිස් අධිකාරි කේ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපිය යොමු කර තිබේ.

පොලිස් ආඥා පනතේ 80 වගන්තිය අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ යන්ත්‍රානුසාරයෙන් ශබ්දය නිපදවන උපකරණ භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ලබාගත යුතු අතර එම විරෝධතාවයේදී එවැනි අවසරයක් ලබාගැනීමට කටයුතු කර නොමැති බව එම ලිපියෙන් පෙන්වාදී ඇත.

විරෝධතා රැලිය සහ පෙළපාලිය හේතුවෙන් මාර්ග අවහිර කිරීම් හෝ බාධා සිදුවුවහොත් එම පීඩාවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවන අතර පොලිස් ආඥා පනතේ සහ වෙනත් පවතින නීති යටතේ සහභාගී වන පුද්ගලයින්ට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද සහකාර පොලිස් අධිකාරීවරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

යෝජිත විරෝධතා රැලිය සහ පෙළපාලිය පැවැත්වෙන කාලසීමාව කොටුව ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන කාලසීමාවක් වන අතර විරෝධතාව හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල තොග වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල විය හැකි බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here