තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොල්ලකරු අල්ලා දුන් හමුදා සැරයන් අගයයි

    කොල්ලකරු අල්ලා දුන් හමුදා සැරයන් අගයයි

    මාතර දෙවිනුවර සරණපාල විදුහලේ සේවය කරන ගුරුවරියකගේ රන්මාලයක් කොල්ලකා පලායමින් සිටි පුද්ගලයෙකු පසුපස හඹාගොස් සැකකරු ජීවග්‍රහයෙන් අල්ලා, සැකකරු සමඟ රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න වටිනාකමකින් යුතු රන්මාලය මාතර මූලස්ථාන පොලීසිය වෙත භාරදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සැරයන්වරයෙකු කටයුතු කර ඇත.

    කෙටි නිවාඩුවකින් අනතුරුව යලි තම සේවා ස්ථානයට පැමිණෙමින් සිටියදී මාතර නගරයේ දී මෙම සිදුවීම දැක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන්වරයෙකු වන ජේපීආර් චන්ද්‍රමාල් මහත් පරිශ්‍රමයක් යොදා මෙල්ලකර අල්ලාගත් සැකකරු හා රන්මාලය මාතර පොලීසිය වෙක භාර දීමට කටයුතු කර තිබේ.

    සැරයන්වරයා තමට ජීවිතයට ඇතිවිය හැකි ජීවිත අවධානම පවා නොතකමින් සිදුකළ අදාළ වීරක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඔහුගේ සේවය අගය කිරීමක්ද සිදු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img