Home GOSSIP මෙරට කලාකරුවකුගේ ඕස්ට්‍රේලියාවේ පිහිටි නිවස ගිනිගනී

මෙරට කලාකරුවකුගේ ඕස්ට්‍රේලියාවේ පිහිටි නිවස ගිනිගනී

මෙරට කලාකරුවකුගේ ඕස්ට්‍රේලියාවේ පිහිටි නිවස ගිනිගනී

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින මෙරට ප්‍රවීන කලාකරුවකු වූ ශ්‍රීනාත් මද්දුමගේ මහතා වෙසෙන නිවස හදිසියේ ගිනිගෙන ඇතැයි වාර්තා වේ.

එම නිවසේ ශ්‍රීනාත් මද්දුමගේ මහතා, බිරිඳ හා කුඩා දියණිය විසූ අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නොමැති නමුත් නිවසට හානි සිදුවී ඇතැයි සඳහන් ය.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවේද දක්ෂතා දැක්වූ ශ්‍රීනාත් මද්දුමගේ මහතා හට හිමිව තිබූ සම්මාන, සමරු, චිත්‍ර, පොත්පත් රාශියක් ඇතුළු පුස්තකාලයක් ද නිවසේ තිබී ඇතැයි පැවසේ.

කලක් තිස්සේ ශ්‍රීනාත් මද්දුමගේ මහතා මෙල්බර්න්හි පදිංචිව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here