තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුජරාට් ප්‍රාන්තයේ වැල් පාලම කඩාවැටී 134ක් මරුට - 9ක් අත්අඩංගුවට

    ගුජරාට් ප්‍රාන්තයේ වැල් පාලම කඩාවැටී 134ක් මරුට – 9ක් අත්අඩංගුවට

    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බ නගරයේ අද (31) වැල් පාලමක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙම සිදුවීමට අදාළව පොලිසිය නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දයීය මාධ්‍ය සඳහන් කරයි.

    මෙසේ මිය ගිය අය අතර බොහෝ දෙනෙක් ළමයින්ය. පාලම කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ඉන්දීය පොලිසිය ප්‍රවේශපත්‍ර ලිපිකරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    කඩා වැටීමට මොහොතකට පෙර CCTV දර්ශනවල දැක්වෙන්නේ තරුණයින් පිරිසක් ඡායාරූප ගන්නා අතර තවත් සමහරු මෝර්බ හි එල්ලෙන පාලම දෙපැත්තට පැද්දීමට උත්සාහ කරන බවයි. එවිටම පාළමේ කේබලය කැඩී එහි සිටි පිරිස ගඟට වැටී තිබේ.

    පාලම කඩාවැටීමට පෙර සෙනඟ පාලනය කිරීමට අපොහොසත් වීම නිසා කළමනාකාර කාර් ය මණ්ඩලය, ටිකට් පත් ලිපිකරුවන් සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු ඇතුළු නව දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    1877 දී මුලින් ඉදිකරන ලද ව්‍යුහය අලුත්වැඩියා කිරීම සඳහා සම්බන්ධතාවක් ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අය අතර සිටිති.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img