මුල් පිටුව උණුසුම් පුවත් අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි

අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි

0

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මකයි.

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා (21) සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) සිය සහතිකය සටහන් කළේය.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ 22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලෙසයි.

එහෙත් මීට පෙර මැතිසබයට ඉදිරිපත් කර තිබූ 21 වැනි ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමක් සිදුනොවීම නිසා එය කෙටුම්පතක් ලෙස පමණක් පැවතියේ ය.

ඒ හේතුවෙන් නව සම්මත සංශෝධනය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version