තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකාවෙන් ආ සිවිල් ඉංජිනේරුවාගේ ගොඩගත් මළසිරුරෙන් ඝාතනයේ තතු රැසක් එළියට

    අමෙරිකාවෙන් ආ සිවිල් ඉංජිනේරුවාගේ ගොඩගත් මළසිරුරෙන් ඝාතනයේ තතු රැසක් එළියට

    මැල්සිරිපුර රේස්වත්තේ පිහිටි නිවසක පදිංචිව සිටි අමෙරිකානු පුරවැසිභාවය හිමි විශ්‍රාමික නාවික සිවිල් ඉංජිනේරුවරයාව මරා දමා ඇත්තේ හිසට සහ මුහුණට පහරදී ගෙල කපා බව කුරුණෑගල රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ.

    මේ බව හෙළිවී ඇත්තේ එම සිවිල් ඉංජිනේරුවරයාගේ මළ සිරුර වලදමා තිබුණු ස්ථානයෙන් ගොඩගෙන කුරුණෑගල රෝහලේදී කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය.

    මළ සිරුර වලදමා තිබී ඇත්තේද ඇද ඇතිරිවලින් ඔතා කළු පැහැති ටෙන්ට් රෙද්දක ඔතාය. ලේ තැවුරුණු කොට්ටයක්ද මළ සිරුර වලදමා තිබුණු වලේ තිබී හමුවී ඇත. ඒ අනුව සැකකරනුයේ මෙම සිවිල් ඉංජිනේරුවරයාව මරා ඇත්තේ නිදි ඇදේදී බවය.

    මෙම ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය 01 වෙනිදා හෝ ඒ ආසන්න දිනයකදී බවට පොලීසිය සැකකරයි. ඝාතනයෙන් පසු අවස්ථා තුනකදී මෙම සිවිල් ඉංජිනේරුවරයාගේ බැංකු කාඩ්පතින් වැල්ලව පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකින් අමෙරිකානු ඩොලර් 1280ක්ද ලබාගෙන ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත. එම මුදල් ලබාගෙන ඇත්තේ මෙම සිවිල් ඉංජිනේරුවරයාගේ සමීපතයෙක් ලෙස රැදී සිටි පුද්ගලයෙකු විසිනි. වැල්ලව පදිංචිකරුවෙක් වන ඔහුද සිවිල් ඉංජිනේරුවරයාගේ නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානිකරගෙන තිබුණි. ඔහුගේ සිරුර පොලීසියට හමුවූයේ ඉකුත් 23 වෙනිදාය. සිවිල් ඉංජිනේරුවරයා අතුරුදන්වී ඇති බවට පළමු පැමිණිල්ල පසුගිය 08 වෙනිදා මැල්සිරිපුර පොලීසියට කර ඇත්තේ එම පුද්ගලයාය. ඔහු පොලීසියට පවසා ඇත්තේ සිය හාම්පුතා 01 වෙනිදා අනුරාධපුරයේ යන බව සඳහන් කරමින් නිවසින් පිටව ගිය බවත් ඔහු ගැන එතැනි සිට කිසිදු තොරතුරක් නොමැති බවය. ඒ සම්බන්ධයෙන් සිවිල් ඉංජිනේරුවරයාගේ පවුලේ සාමාජිකයන්ගෙන් තොරතුරු විමසමින් පොලිස් විමර්ශන සිදුවන විට මාලඹේ පදිංචි සිවිල් ඉංජිනේරුවරයාගේ ඥාතියෙක් පසුගිය 13 වෙනිදා දෙවැනි පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.

    පොලීසිය පවසන්නේ මෙම සිවිල් ඉංජිනේරුවරයා අවිවාහක පුද්ගලයෙක් බවය. එහෙත් ඔහු සල්ලාලයෙක් බව ද විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම පුද්ගලයා මත්කුඩු භාවිතයටද ඇබ්බැහි වී සිටින අයෙක් බවත් ඔහුගේ නිවසට නිතර මත්කුඩු භාවිතා කරන අය මෙන්ම කාන්තාවන්ද ගැවසෙන බවටත් තොරතුරු විමර්ශන වලින් අනාවරණය වී තිබේ. එම පිරිස් පැමිණ ඇත්තේ වැල්ලව පදිංචි ඔහුගේ සහයකයාගේ හිතවත්කම් මත බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img